අපි බල්ලන්, පුසන්, හාවන් වගේ සතුන්ඇති කරනවා ඔවුන්ට කන්න දෙනවා ඔවුන් අතගානවා ඔවුන් එක්ක කතා කරනවා සෙල්ලම් කරනවා ඔවුන් සමග කාලය ගත කරනවා ඔවුන්ට ගොඩක් ආදරය කරනවා..මං ඔබෙන් ඇහුවොත් ඔබ අන්තිමට ඔබ ඇති කරන මාලු සමග කතා කරේ කවද්ද කියලා?ඔබට දෙන්න උත්තරයක් තියනවද? මං හිතනවා ගොඩක් අයට දෙන්න උත්තරයක් නෑ...මේක ලංකාවෙ තියන ලොකු වැරැද්දක් ලංකාවෙ මාලු හදන්නෙ හරියට ගෙදර බිත්තියෙ එල්ලලා තියන බිතුසිතුවමක් වගෙ... ගෙදරට ලස්සනක් එකතු කරන්න..මසුන් කියන්නෙත් අනිත් සුරතලුන් වගේම ආදරය කරුනාව පෝෂණය බලාපොරොත්තුවන තමන්ගෙ ස්වාමියාව හදුනන සත්ව කොට්ටාශයක් කියලා සමහරවිට ඔබ නොදන්නවා ඇති.
අනෙක් සත්වයින්ට සමාන හැගීම් දැනීම් ඔවුන්ටද තියනවා. ඔබගෙ කාලයෙන් ඔවුන්ට ආදරය කරන්නත් පොඩි වෙලාවක් වෙන් කරගන්න.. කැම දාලා උන් කනදිහා බලං ඉන්න එකම නෙමෙයි.. උන් එක්කත් කතා කරන්න.. ඉතින් අපි කතා කරා කියලා උන්ට ඇහෙනවද? ඔවු උන්ට ඇහෙනවා උන්ටත් ආදර හැගීම් ඇතිවෙනවා උනුත් අනිත් සත්වයින්ට සමානයි. ඉතින් අපි වෙනස් වෙමු.. මින් ඉදිරියට විසිතුරු මසුන් කියන්නෙ බිතුසිතුවමක් නෙමෙයි ඔවුන් අපේ සුරතලුන් කරගමු..ගෙඩක් අයගෙ මතයක් තියනවා මත්සයින්ට මතක තබා ගැනීමෙ ශක්තියක් නෑ කියලා නමුත් දැනට සොයාගෙන ඇති කරුනු අනුව මත්සයෙකුට අවුරුදු තුනකට වඩා දෙයක් මතක තබා ගැනිමෙ හැකියාවක් තියනවා.. මම මේ දිනවල මත්සයින්ගෙ මොලය පිලිබද පරික්ෂණ කරගෙන යන අතර, එයින් ලබා ගන්නා තොලතුරු සමග ඉදිරියෙදි ලිපි පලකිරිමට බලාපොරොත්තු වෙනවා..මත්සයින්ට ආදරය දෙන්න බැරිනම් ඔවුන් හැදීම නවත්තන්න. ඔවුන් ඉන්නෙ අපේ ඇස පිනවීමට පමනක් නෙමෙයි. ඔවුනට ආදරය කරමු අපි වෙනස් වෙමු..හරි විදිහට මත්සයින් හදන හැටි දැනගන්න කැමතිද ඔවුන් ගැන ඉගෙන ගන්න කැමතිද.. අපේ පේජ් එකට ලයික් කරලා අපිත් එක්ක එකතු වෙන්න..(අවසරයකින් තොරව උපුටාගැනීම තහනම්)ඉරෝෂ් අකලංක බංඩාර