අපි වෙනස් විදිහකට තෑගි දෙමුද?

අපි වෙනස් විදිහකට තෑගි දෙමුද?

තාක්ෂණය එක්ක දුවන ලෝකෙ අපිට කොච්චර වෙහෙසද රොබෝලා වගේ ඉගෙනගන්න පොඩි ලමයි අද පරිසරයෙන් ඇත් වෙලා.. විනාඩියකට හරි අපේ හිත නිවන්න කෙනෙක් ඉන්නවනම් කොච්චර දෙයක්ද.. කෝ ඉතින් එහෙම කෙනෙක් ?… එහෙම කෙනෙක් ඉන්නවා මාලු ලෝකෙ ඉන්න හැඩකාර පොඩි දඟ මල්ලක්BETTA FISH (Male) අපි කියනවා ෆයිටර් (පිරිමි) මත්සයා..මෙයාලා හරි පොඩි ඉඩක තනිවම හදන්න පුලුවන් වර්ණවත්බවෙන් හැඩයෙන් ගොඩක් වැඩි දඟ මල්ලක්.. මෙයාලට ජලයෙන් පිටත ඇති වායුගෝලයේ ඇති ඔක්ෂිජන් පරිභෝජනය කිරීමෙ ඇති හැකියාව නිසා ද්‍රාවිත ඔක්ෂිජන් අඩු ජලයේ පහසුවෙන් ජීවත් වෙන්න පුලුවන්.. වැඩිපුර පිහිනීමට කැමැත්තක් නැති මෙයලා අඩු ඉඩ පුමාණයක හදන්න පුලුවන්..තෑග්ගට අවශ්‍ය දේවල් බලමු..

  • කුඩා Fish tank එකක්
  • කුඩා ගල් කැට (gravel) 200g පමණ
  • ප්ලාස්ටික් පොඩි පැළයක්
  •  කැමත්ත අනුව ලස්සන betta fish ( male) කෙනෙක්

මේ සියල්ලටම යන්නෙ රුපියල් 2000 වැනි මුදලක්…

මේ තැග්ගෙ තියන වාසි මොනවද ඉතින්?

  • මේ තැග්ග පාඩම් කරන මේසය මත කාර්යාල මේසය මත නිදන කාමරයෙ අඩු ඉඩකඩක තියන්න පුලුවන් වීම
  • මානසික ආතතිය , අක්ෂි රෝග අඩු කීරිමට මෙය ඉතාමත් හොද බව වෛද්‍ය වරුන් පවා අනුමත කර තිබීම
  • ලමුන් කුඩා කල සිට සතුන්ට ආදරය කිරීමට පරිසරය සමග බද්ද කිරිම හා ඔවුන් තුල විනෝදාංශයක් ඇති කිරිමට රුකුලක් වීම වගේම පාඩම් කිරිම නිසා ඇතිවෙන මානසික ආතතිය අඩු කිරිමට හැකිවීම
  • කාර්යාලයේ වැඩ වලින් හෙබ්බත් වු මනසට සැනසීමක් ගෙන එන්න මේ දගකාරයට පුලුවන් වීම
  • මෙයාලා ස්වාමියාට සංවේදි වෙන මසුන් කොටසක්.. ඒ නිසා හොදට හුරතල් කරන්න පුලුවන් වීම
  • මෙයාලා අවුරුදු දෙකක් පමණකාලයක් ජීවත් වෙනවා. ලෙඩ හැදීම අවම මට්ටමක තමා තියෙන්නෙ.
  • මේ ටැංකිය නඩත්තු කරන්නත් ඉතාමත් පහසුයි.

ඉතින් අපි තැගි දෙන විදිහ වෙනස් කරමු.. ඔයාලගෙ නංගිලා මල්ලිලා අක්කලා අයියලා දුවලා පුතාලා ගොඩක් සතුටු වෙයි මේ වගෙ පොඩි තැග්ගකින්.. මතක ඇතුව ඒ දඟකාරයට ලස්සන නමක් දාන්න….ඔවුන්ට ආදරය කරමු අපි වෙනස් වෙමු..හරි විදිහට මත්සයින් හදන හැටි දැනගන්න කැමතිද ඔවුන් ගැන ඉගෙන ගන්න කැමතිද.. අපේ පේජ් එකට ලයික් කරලා ශෙයා කරලා අපිත් එක්ක එකතු වෙන්න..(අවසරයකින් තොරව උපුටාගැනීම තහනම්)ඉරෝෂ් අකලංක බංඩාර

Irosh Akalanka

Leave a Reply

Your email address will not be published. Required fields are makes.

Top
Hello