“මාමේ…. මට මේ ටැංකියට දාන්න හොඳ මාලු ටිකක් දෙන්නකෝ…”

“මාමේ…. මට මේ ටැංකියට දාන්න හොඳ මාලු ටිකක් දෙන්නකෝ…”

දිනක් මා මසුන්ට ප්‍රථිකාර කිරීම සඳහා මසුන් අලෙවි කරන මින් මැදුරකට ඇතුලුවුණි. නිමේෂයකින් එතනට කුඩා දරුවෙක් ඔහුගේ දෙමාපියන් සමග පැමිණියේ ගෙදරට අලුත් ටැංකියක් මිළදි ගැනිමේ අදහසින්. අඩි දෙකක් දිග අඩියක් පළල සහිත ටැංකියක් හා අනෙකුත් උපාංග තෝරාගත් ඔවුන් ඉන්පසුව මුදලාලිගෙන් ඉල්ලා සිටියේ එම ටැංකියට දැමීමට ප්‍රමාණයෙන් ලොකුවන මාලු කිහිප දෙනෙක් දෙන ලෙසටය. මුදලාලි මහතා ගොස් නැවතුනේ අඟල් දෙකක් පමණ දිගින් යුත් කාර්ප් මසුන් සිටි ටැංකිය ඉදිරිපිටය…”මහත්තයා.. මේ මාලු ගොඩක් ලොකු වෙනවා අනික ගොඩක් ලස්සනයි” මුදලාලි පැවසුවා….දරුවාගෙ පියාද.. “අඃ අරගොල්ලො ලඟත් මේ වර්ගයෙ ලොකු මාලු ඉන්නවා හරිම ලස්සනයි” කියා මුදලාලි මහතා කියු කතාව ස්ථීර කර එයින් ජෝඩු කිහිපයක් මිළදී ගෙන පිටත්ව ගියේය…”ඉතින් ඇයි මේ කතාව අපිට කියන්නෙ?” ඔයාල අහයි…ඒකට හේතුව මෙන්න මේකයිබොහෝ දෙනා මසුන් තෝරාගැනිමේදි කරන ලොකු වැරැද්දක් තමයි වීදුරු ටැංකිවල ඇතිකරන මසුන් කවුරුන්ද හා පොකුණු වල ඇතිකරන මසුන් කවුරුන්ද යන්න නිසි අවබෝධයක් නැතුව මසුන් තෝරා ගැනීමයි….මසුන්ගේ වර්ණ රටා හා ඔවුන්ගෙ වර්ධනය පිළිබඳ අවබෝධයක් සෑම විටම මසුන් තෝරා ගැනීමේදී අපට තිබිය යුතුය….හොදයි.. අපි පොඩි උදාහරණයකින්ම මේ ගැන අදහසක් ගමු..කාර්ප් වර්ග ගෝල්ඩ් ෆිෂ් වර්ග මාබල් කැට්ෆිෂ් වැනි මසුන්ගේ සැබෑම හැඩය වර්ණවත් බව හා අලංකාරය දැක ගත හැක්කේ ඉහළ සිට නැරඹීමෙනි. ඔවුන්ගේ වර්ධන වේගයද ඉතා සීඝ්‍ර බැවින් පොකුණු සඳහා මොවුන් වඩාත් යෝග්‍ය වේ….ඒන්ජල්, ගප්පි, ටෙට්රා, ෆයිටර් වැනි මසුන්ගේ වර්ණ රටා හා අලංකාර හැඩය හොදින් දැක ගත හැකිවන්නේ පැති පෙනුමෙනි. වර්ධනය අඩු මට්ටමක ඇති බැවින් හා ඉතා විශාල ලෙස වර්ධනය නොවන නිසා වීදුරු ටැංකි හදහා එම මසුන් ඉතාමත් යෝග්‍ය වේ…එම නිසා අපිට ගැලපෙන මාළු තෝරා ගැනීමේදී …

  • මසුන්ගේ උඩු පෙනුම
  • මසුන්ගේ පැතිපෙනුම
  • වර්ධනය
  • ආහාර
  • හැසිරීම
  • මත්ස්‍ය ගණත්වය
  • යෝග්‍ය ජලයේ ස්වභාවය හෝ තත්වය
  • යෝග්‍ය පරිසර තත්වය

යන ඉහත පොදු සාධක පදනම් කරගෙන මසුන් තෝරා ගත යුතුය…ඉදිරියේදී මෙම සාධක එකින් එක පිළිබඳව සවිස්තරාත්මක ලිපි පෙළක් ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.මාගේ මූලික අරමුණ වන්නේ මසුන් තෝරාගැනීමේදි පාරිභෝගික ඔබ තමන්ගේ අවශ්‍යතාව අනුව තාමාට ගැලපෙන මසුන් තෝරා ගැනීම වගේම මසුන් අලෙවි කරන වෙළෙඳ මහතුන්ද නිවැරදි දැනුම ලබාගෙන පාරිභෝගිකයන් වෙත නිවැරදි හොද සේවාවක් ලබා දීමෙන් පාරිභෝගිකයන් දැනුවත් කර සාර්ථක ලෙස මෙම සුරතල් මසුන් ඇති කිරිමට පුරුදු කිරිම මෙන්ම හොඳ අලෙවියක් ඇති කර ගැනීමට හැකි බව පෙන්නවා දිමටයි.සත්‍ය කතාවක් පදනම් කරගෙන මෙම ලිප පෙළ මගින් ඔබව නිවරද මානයකට ගෙන යාම මාගේ බලාපොරොත්තුවයි.ඔවුන්ට ආදරය කරමු!! අපි වෙනස් වෙමු!!!හරි විදිහට මත්ස්‍යයින් හදන හැටි දැනගන්න කැමතිද ….ඔවුන් ගැන ඉගෙන ගන්න කැමතිද….අපේ පේජ් එකට ලයික් කරලා අපිත් එක්ක එකතු වෙන්න…..(අවසරයකින් තොරව උපුටාගැනීම තහනම්)ඉරෝෂ් අකලංක බංඩාර

Irosh Akalanka

Leave a Reply

Your email address will not be published. Required fields are makes.

Top
Hello