කලපු මාලු හා මුහුදු මාලු මිරිදියට (Fresh water) හූරුකිරිම

කලපු මාලු හා මුහුදු මාලු මිරිදියට (Fresh water) හූරුකිරිම

ගොඩක් දෙනෙක්ගෙ ඉල්ලිම මත ලියන්න හිතුනා වචනෙ වැරදි උනත් හැමොම කියන විදිහට කලපු මාලු සීසන් කරන්නෙ කොහොමද?

ඒක හැමොටම ගැටලුවක්. කලපු මාලුවෙක්ට මිරිදිය ජලයෙ වැඩි කාලයක් ජීවත් වෙන්න බෑ මිරිදියෙ ජීවත්වන කාලය ගොඩක් අඩුයි. ඇයි එහෙම වෙන්නෙ ඒකට විද්යාත්මක හේතුවක් තියනවා. ඔයාලා දන්නවා විද්යාවෙ එක නිතියක් තියනවා මූල ද්රව්යක් හැමවෙලෙම උස්සහ කරන්නෙ වැඩි තැනක ඉදලා අඩු තැනකට ගමන් කරන්න (11 වසරෙ විද්යාවට උගන්නනවා) ඉතින් මාලු ඉන්නෙ ජලයෙ එයාලගෙ වටේට තියෙන්නෙ 100% ක් ජලය මාලුවෙකුගෙ ශරිරය ඇතුල ජලය තියෙන්නෙ 75% ක් පමනයි ඒ නිසා එලියෙ තියන ජලය හැමවෙලේම උස්සහ කරන්නෙ මාලුවගෙ ඇග ඇතුලට රිංගන්න කරමල්වලින්, හමෙන් හා මුඛයෙන් (කැම සමගින් හෝ පානයෙන්) ජලය ශරිරය තුලට ගමන් කරනවා කොහොම ඇතුල්වුනත් ශරිරයට අවශ්ය ඡල පුමානය විතරයි ශරිරය ඇතුලෙ රදවා ගන්නෙ අතිරික්ත ජලය කරමල් තුලින් මුත්රා මගින් ශරීරයෙන් පිටකරනවා මාලුවෙක්ගෙ ශරිරයතුල සිදුවන මෙන්න මේ ක්රියාවලියට කියනවා ඔස්මොරෙගියුලේශන්(osmoregulation) කියලා.

මේ ක්රියාවලියට මාලුවෙක් ලොකු ශක්තියක් වැයකරනවා ඒ නිසා තමයි මාලු මැරුනාම ඉදිමෙන්නෙ ශරිරය ඇතුලෙ වතුර පිරිලා. කලපු වතුරෙ නැත්නම් මුහුදු වතුරෙ ඉන්න මාලුන්ගෙත් මේ ඔස්මොරෙගියුලේෂන් එක වෙනවා හැබැයි මිරිදිය මාලුන්ට වඩා වෙනස් විදිහට කරදියෙ ඉන්න මාලු ගොඩක් උස්සහ කරන්නෙ ජලය ශරිරය ඇතුලෙ රදවගන්න ඒ කරදියෙ තියන ලුනු නිසා ලුනු කියන්නෙ විජලනකාරකයක් ශරිරය වේලවනවා. ලුනු වැඩිපුර කැවොත් අපිට වතුර තිබහා එන්නෙ ඒ විජලනකාරක ගුනය නිසා. මිරිදිය මාලු ලෙඩ උනාම ලුනු දානනෙත් මේ විජලනකාරක ගුනය නිසා ඔස්මොරෙගුලේෂන් එකට යන ශක්තිය ඉතුරු කරලා දෙන නිසා.

ඉතින් මිරිදිය මාලු (fresh water fish) ශරිරය හැදිලා තියෙන්නෙ ජලය පිටකරන්න වගෙ තමා කරදිය මාලු (marine Fish) ශරිරය හැදිලා තියෙන්නෙ ජලය එකතුකරගන්න කරදිය මාලුන්ගෙ මුත්රා වල ලවනතාවය ඉතාම අදික මේ නිසා. මෙන්න මේ නිසයි කලපු මාලු මුහුදු මාලු අපිට මිරිදිය වතුරෙ හදන්න බැරි ටික කාලයක් ඉදලා මැරෙනවා සම්පුර්න ජිවිත කාලය ගතකරන්න බෑ. ඒ නිසා කලපු මාලු කලපු වතුරේ හදන්න මුහුදු මාලු මුහුදු වතුරෙ හදන්න මිරිදිය මාලු මිරිදියෙ හදන්න. ඔවුන් ඒ ඒ පරිසර වල ඉන්නෙ ඔවුගෙ ශරිර (විශේෂයෙන් මාලුවගෙ වකුගඩුව ) ඒ ඒ පරිසරවලට හැඩගැසි ඇති නිසයි. මං හිතනවා ගොඩක් අයට තේරුම් ගන්න පුලුවන් වෙයි කියලා.

කවුරුන් හො කෙනෙක් කියනවනම් මට කලපු මසුන් මිරිදියෙ ජිවත්කරවන්න පුලුවන් කියලා කලපු ඉස්සන් අපිට පහසුවෙන් මිරිදියෙ වගාකර ලොකු විදේශවිනිමයක් ගෙන ආ හැකිය.

ඉරොෂ් අකලංක බංඩාර

FishFix Srilanka

Irosh Akalanka

Leave a Reply

Your email address will not be published. Required fields are makes.

Top
Hello